Sinopec සුපර් ඩීසල් මිල රුපියල් 28කින් ඉහළට

Sinopec සමාගම ඊයේ (06) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සුපර් ඩීසල් මිල රුපියල් 28කින් ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව රුපියල් 572ක්ව පැවති එහි ලීටරයක මිල රුපියල් 600 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත්, ඔක්ටේන් 92 පෙට්‍රල් සහ ලංකා ඔටෝ ඩීසල් (LAD) රජය අනුමත කළ මිල ගණන් යටතේම අලෙවි කරන බවයි එම සමාගම නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

 news images