සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය අතර ලබන 09 වැනිදා සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා පැවසීය.
ඒ අනුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රට පුරා රජයේ රෝහල්වල ක්‍රියාත්මක කළ සංකේතාත්මක වැඩ වර්ජනය තාවකාලිකව ඊයේ (06) අත්හිටුවනු ලැබීය.
සංගමයේ ගැටලු සාකච්ඡා කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අවස්ථාවක් ලබාදීම පදනම් කර ගනිමින් දින කිහිපයක් සිදු කළ මෙම සංකේතාත්මක වැඩ වර්ජනය ඊයේ (06) උදෑසන 8.00ට
තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා පැවසීය. සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඉන්දියාවේ නවදිල්ලි නුවර සෞඛ්‍ය සමුළුවට සහභාගී වීම සඳහා ඊයේ (06) මෙරටින් පිටත්ව ගියේය.
අමාත්‍යවරයා නැවත මෙරටට පැමිණි පසුව අනිද්දා (09) සංගමය සමඟ ගැටලු සාකච්ඡාවට අවස්ථාවක් ලබාදී ඇති බව ද ඒ මහතා ප්‍රකාශ කළේය.
සන්ධ්‍යා කරුණාරත්න








