සුළි කුණා­ටු­වෙන් හානිවූ උතුරු දුම්රිය මාර්ගය 9දා යළි විවෘත කර­නවා

දිට්වා සුළි කුණා­ටු­වෙන් දැඩි හානි­යට පත්ව තිබූ උතුරු දුම්රිය මාර්ගයේ ප්‍රති­සං­ස්ක­රණ කට­යුතු අව­සන් කර ලබන 09 වැනිදා සිට දුම්රිය ධාව­නය යළි ආරම්භ කරන බව දුම්රිය දෙපා­ර්ත­මේ­න්තුව නිල වශ­යෙන් නිවේ­ද­නය කර සිටියි.

මෙම­ඟින් උතුරු පළාත සහ අග­නු­වර අතර ප්‍රධාන ප්‍රවා­හන සබ­ඳ­තාව යළි තහ­වුරු වන අතර, යළි දුම්රිය ගමන් ආර­ම්භ­යත් සමඟ කොළඹ කොටුව සහ කන්ක­ස­න්තුරේ (KKS) අතර දුම්රිය ධාව­නය පෙර පරි­දිම සිදු කෙරේ.

අලු­යම 5.15ට ගල්කිස්ස දුම්රිය ස්ථාන­යෙන් කන්ක­ස­න්තුරේ බලා පිට­ත්වන සහ පස්වරු 1.50ට කන්ක­ස­න්තුරේ සිට ගල්කිස්ස දක්වා ධාව­නය වන සීඝ්‍ර­ගාමී අන්තර් නගර දුම්රි­ය­න්වල ගමන් වාර සඳහා ආසන වෙන් කරවා ගැනීමේ පහ­සු­කම් ඊයේ (05) සිටම බැති­ම­තුන්ට සහ මගීන්ට විවෘත කර තිබේ.

සුළි කුණා­ටුව හේතු­වෙන් උතුරු දුම්රිය මාර්ගයේ කොටස් කිහි­ප­ය­කට බර­ප­තළ හානි සිදු­වීම නිසා පසු­ගිය කාල­සී­මාව තුළ මගී ප්‍රවා­හ­නය මෙන්ම භාණ්ඩ ප්‍රවා­හන කට­යුතු ද අඩාළ වී තිබුණි. මෙම මාර්ගය යළි විවෘත කිරී­මත් සමඟ උතුරු පළාතේ ආර්ථික ක්‍රියා­ව­ලි­යට නව පණක් ලැබෙනු ඇති බවත්, මගී ජන­තා­වට සහ­න­දායී ලෙස සිය ගමන් අව­ශ්‍යතා සපුරා ගැනී­මට හැකි වන බවත් දුම්රිය බල­ධා­රීහු පෙන්වා දෙති.

සුභා­ෂිණී සේනා­නා­යක