රාජ්‍ය අංශය​ට ලබාදුන් බදාදා නිවාඩුව 08 වැනිදා සිට අවලංගුයි

රජයේ කාර්යාල සඳහා ලබා දී තිබූ බදාදා නිවාඩුව ලබන 08 වැනිදා සිට අවලංගු කිරීමට තීරණය කර තිබෙනවා.

අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මේ බව සඳහන් කළා.

ඉරාන – ඇමෙරිකා යුදමය තත්ත්වය හමුවේ හටගත් ඉන්ධන අර්බුදය හේතුවෙන් මීට පෙර බදාදා දිනය රජයේ කාර්යාල සඳහා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට රජය පියවර ගෙන තිබුණා.