රු.5000ට අඩු ගාස්තු QR වලින් ගෙවවොත් ‍සේවා ගාස්තු නෑ

මෙරට ඩිජි­ටල් ආර්ථි­කයේ නව සන්ධි­ස්ථා­න­යක් සනි­ටු­හන් කර­මින් ‘ජාතික QR ගෙවීම් ප්‍රච­ලිත කිරීමේ ව්‍යාපෘ­තිය’ ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් අද (06) නිල වශ­යෙන් ඇරඹේ.

ඒ අනුව අද සිට ක්‍රියා­ත්මක වන පරිදි, රුපි­යල් 5, 000 දක්වා වූ සිය­ලුම LankaQR ගනු­දෙනු සඳහා වෙළෙ­ඳු­න්ගෙන් අය කරනු ලබන සේවා ගාස්තුව (Merchant Discount Rate) සම්පූ­ර්ණ­යෙන්ම ඉවත් කිරී­මට මූල්‍ය ආය­තන කට­යුතු කර ඇත. මෙහි අර­මුණ වන්නේ කුඩා පරි­මාණ වෙළෙ­ඳුන්ට කිසිදු අම­තර විය­ද­ම­කින් තොරව ඩිජි­ටල් ගෙවීම් භාර ගැනී­මට අව­ස්ථාව ලබා දීමයි.

ශ්‍රී ලංකාව කාසි සහ නෝට්ටු භාවි­තය අවම වූ (cash-lite) ආර්ථි­ක­යක් කරා මෙහෙ­ය­වීම මෙහි මූලික අර­මු­ණයි.

මේ වන විට ශ්‍රී ලංකාව තුළ ඉතා ශක්ති­මත් ඩිජි­ටල් මූල්‍ය යටි­තල පහ­සු­ක­මක් පව­තින අතර, මෙරට වැඩි­හිටි ජන­ග­හ­න­යෙන් 89%කට බැංකු පහ­සු­කම් පවතී. එමෙන්ම එක් කාර්තු­වක් තුළ රුපි­යල් ට්‍රිලි­යන 6.3ක වටි­නා­ක­ම­කින් යුත් ගනු­දෙනු මිලි­යන 68ක් සිදු කරන CEFTS පද්ධ­තිය මෙන්ම, මූල්‍ය ආය­තන 20කට අධික සංඛ්‍යා­වක සහ­යෝ­ගය ඇතිව වෙළෙඳ මධ්‍ය­ස්ථාන 450,000ක පිළි­ගැ­නී­මට ලක්ව ඇති LankaQR පද්ධ­ති­යද අද වන විට සක්‍රි­යව පවතී. කෙසේ වෙතත්, තව­මත් ආර්ථි­කය තුළ රුපි­යල් ට්‍රිලි­යන 1.48ක මුදල් නෝට්ටු සංස­ර­ණය වන අතර, 2025 තුන්වැනි කාර්තුව වන විට LankaQR මඟින් සිදු වූයේ මස­කට රුපි­යල් 395,000ක පමණ වූ ඉතා සුළු ගනු­දෙනු ප්‍රමා­ණ­යකි. මෙම පර­ත­රය අවම කිරීම සඳහා අද ඇර­ඹෙන ව්‍යාපෘ­තිය යටතේ විශේෂ උපා­ය­මාර්ග කිහි­ප­යක් ක්‍රියා­ත්මක වේ.

එමෙන්ම, QR භාවි­තය දිරි­මත් කිරීම සඳහා පාරි­භෝ­ගි­ක­යන් සහ වෙළෙ­ඳුන් වෙනු­වෙන් විශේෂ දිනුම් ඇදීමේ වැඩ­ස­ට­හ­නක්ද ක්‍රියා­ත්මක වන අතර, එහි දී සති­පතා සහ මාසි­කව පළමු, දෙවැනි සහ තෙවැනි ජය­ග්‍රා­හ­ක­යන් සඳහා රුපි­යල් 1, 000, 000 දක්වා වූ වටිනා ත්‍යාග දිනා ගැනී­මට අව­ස්ථාව හිමි වේ. මෙම වැඩ­ස­ට­හනේ සාර්ථ­ක­ත්වය උදෙසා සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා ත්‍රිත්ව­යෙන්ම ජාතික මට්ටමේ ප්‍රචා­රණ ව්‍යාපා­ර­යක්ද අද සිට ආරම්භ කෙරෙන අතර දිස්ත්‍රික්ක 25ම ආව­ර­ණය වන පරිදි සැකසූ Òසමාජ දෘශ්‍යතා දර්ශ­කයÓ (Social Visibility Index) මඟින් මෙම වැඩ­ස­ට­හනේ විනි­වි­ද­භා­වය සහ සාධා­ර­ණ­ත්වය සහ­තික කර ඇත.

මෙම වැඩ­ස­ට­හන ශ්‍රී ලංකාව හුදෙක් තාක්ෂ­ණික පිය­ව­රක් තැබීම පම­ණක් නොව, රටේ අනා­ගත ගෙවීම් පද්ධ­තිය ඩිජි­ටල් සහ සියලු දෙනා ඇතු­ළත් ආර්ථි­ක­යක් බවට පත් කිරීමේ ජාතික වැඩ­පි­ළි­වෙ­ළෙහි සුවි­ශේෂී පිය­ව­රකි. QR ගනු­දෙනු ආරම්භ කිරීම ඔස්සේ වේග­වත්, ආර­ක්ෂිත සහ විනි­වි­ද­භා­ව­ය­කින් යුතු ඩිජි­ටල් ගෙවීම් හුරු­පු­රුද්ද ඇති කර­මින් කුමන ප්‍රදේ­ශ­යක ජීව­ත්වු­වද, කුමන භාෂා­වක් කතා කළද රටේ සෑම පුර­වැ­සි­යෙ­කුම ඩිජි­ටල් ආර්ථි­කයේ කොට­ස්ක­රු­වන් කර­ගැ­නීම රජයේ අපේ­ක්ෂා­වයි.