රජයේ කාර්යාල සඳහා ලබා දී තිබූ බදාදා නිවාඩුව ලබන 08 වැනිදා සිට අවලංගු කිරීමට තීරණය කර තිබෙනවා.
අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මේ බව සඳහන් කළා.
ඉරාන – ඇමෙරිකා යුදමය තත්ත්වය හමුවේ හටගත් ඉන්ධන අර්බුදය හේතුවෙන් මීට පෙර බදාදා දිනය රජයේ කාර්යාල සඳහා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට රජය පියවර ගෙන තිබුණා.








