අලුත් අවුරුදු සමයේ අන්තර්ජාල මූල්‍ය වංචා රැල්ලක් පිළිබඳ පොලිසියෙන් අනතුරු ඇඟවීමක්

මෙරට ඩිජිටල් ආර්ථිකයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් “ජාතික QR ගෙවීම් ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතිය”, ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (06) නිල වශයෙන් ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

ශ්‍රී ලංකාව කාසි සහ නෝට්ටු භාවිතය අවම වූ (cash-lite) ආර්ථිකයක් කරා මෙහෙයවීම මෙහි මූලික අරමුණයි. 

ඒ අනුව අද සිට ක්‍රියාත්මක වන පරිදි, රු.5,000 දක්වා වූ සියලුම LankaQR ගනුදෙනු සඳහා වෙළෙඳුන්ගෙන් අය කරනු ලබන සේවා ගාස්තුව (Merchant Discount Rate) සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට මූල්‍ය ආයතන කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙහි අරමුණ කුඩා පරිමාණ වෙළෙඳුන්ට කිසිදු අමතර වියදමකින් තොරව ඩිජිටල් ගෙවීම් භාර ගැනීමට අවස්ථාව ලබා දීමයි.

මේ වන විට ශ්‍රී ලංකාව තුළ ඉතා ශක්තිමත් ඩිජිටල් මූල්‍ය යටිතල පහසුකමක් පවතින අතර, මෙරට වැඩිහිටි ජනගහනයෙන් 89%කට බැංකු පහසුකම් පවතිනවා. එක් කාර්තුවක් තුළ රුපියල් ට්‍රිලියන 6.3ක වටිනාකමකින් යුත් ගනුදෙනු මිලියන 68ක් සිදු කරන CEFTS පද්ධතිය මෙන්ම, මූල්‍ය ආයතන 20කට අධික සංඛ්‍යාවක සහයෝගය ඇතිව වෙළෙඳ මධ්‍යස්ථාන 450,000ක මුදල් බාරගැනීමට හැකියාව ඇති LankaQR පද්ධතිය ද අද වන විට සක්‍රීයව පවතිනවා.

කෙසේ වෙතත්, තවමත් ආර්ථිකය තුළ රුපියල් ට්‍රිලියන 1.48ක මුදල් නෝට්ටු සංසරණය වන අතර 2025 තුන්වන කාර්තුව වන විට LankaQR මඟින් සිදු වී ඇත්තේ මසකට රු.395,000ක පමණ වූ ඉතා සුළු ගනුදෙනු ප්‍රමාණයක්.

මෙම පරතරය අවම කිරීම සඳහා අද ඇරඹෙන ව්‍යාපෘතිය යටතේ විශේෂ උපායමාර්ග කිහිපයක් ක්‍රියාත්මක වන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.