යතුරුපැදියක් සහ ලෝඩර් රථයක් එකිනෙක ගැටී ඊයේ (03) සිදුවූ අනතුරකින් කිලිනොච්චිය, ධර්මපුරම් ප්රදේශයේදී තරුණයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අනතුරින් මියගොස් ඇත්තේ ධර්මපුරම් ප්රදේශයේ පදිංචි වයස අවුරුදු 19ක් වූ තරුණයින් දෙදෙනෙක්.
මුලතිව් දෙස සිට ධර්මපුරම් දෙසට ගමන්කළ යතුරුපැදියක් ඉදිරියෙන් ගමන් කරමින් තිබූ ලෝඩර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ.
මෙම අනතුර ඊයේ රාත්රි 10.45 ට පමණ සිදුව ඇති බවද පොලිසිය පැවසුවා.
මියගිය තරුණයින්ගේ මළ සිරුරු කිලිනොච්චිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීමට නියමිතයි.








