දඬුවම් කිරීමේ ක්‍රමයක් ලෙස හෝ වෙනත් කිසිදු හේතුවක් මත දරුවකුට ශාරීරික හෝ මානසික හානියක් කිරීම සම්පූර්ණයෙන් තහනම් බව දක්වමින් අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ චක්‍රලේඛයක් ඊයේ (02) නිකුත් කර තිබේ. මෑතකදී ලබාදුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් ද පාදක කරගනිමින් පාසල් තුළ විනය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් උපදෙස් මාලාවක් සහිතව මේ නව චක්‍රලේඛය නිකුත් කර ඇත.
එමෙන්ම සිසුන් සමඟ කටයුතු කිරීමේදී, ඔවුන්ගේ ධනාත්මක හැසිරීම් වර්ධනය උදෙසා සුදුසු මැදිහත්වීම් සහ මඟපෙන්වීම් ලබාදීම වැනි ක්‍රමවේද අනුගමනය කළ යුතු බවද එහි දක්වා තිබේ. කිසිදු ආකාරයක ශාරීරික දඬුවමක් කවර මට්ටමකින්වත් සිදු කළ නොහැකිය.
මෙම නියෝග උල්ලංඝනය කරන වැරදිකරුවන්ට එරෙහිව නීතිය මඟින් දැඩිව කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය එම චක්‍රලේඛයේ අවධාරණය කර තිබේ.
මේ සම්බන්ධයෙන් මින් පෙරද චක්‍රලේඛයක් නිකුත්කර තිබූ අතර එහි සඳහන් උපදෙස්වලට අමතරව මේ උපදෙස් අන්තර්ගතකර නව චක්‍රලේඛය නිකුත් කර ඇත.








