ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසිය මත දිවි පිදීම සිහිපත් කෙරෙන මහ සිකුරාදා දිනය ලොව පුරා කිතුණු බැතිමතුන් අද (03) සමරනු ලබනවා.
ජේසුස් වහන්සේගේ දුක් ප්‍රාප්තිය සිහි කරමින්, කිතුණුවන් විසින් අළු බදාදා දිනයෙන් ඇරඹුණු දින 40 ක් පුරා නිරාහාර ශීලය, දාන මාන, කිතු සමිදාණන්ගේ කුරුස ගමන සිහිපත් කරන පාද නමස්කාරයේ යෙදීම ආදී ආගමික වතාවත්වල නිරත වනවා.
ඉන් අනතුරුව, අද දින ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසය මත දිවි පිදීම සිහිපත් කරමින් කිතුණු බැතිමතුන් විසින් දේවස්ථානවල පැවැත්වෙන විශේෂ දේව මෙහෙයන්ට එක්වීමට නියමිතයි.








