නව වැඩබලන බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයෙක් පත් කෙරේ

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නව වැඩබලන කොමසාරිස් ජනරාල්වරයා ලෙස ප්‍රසාද් හේමන්ත කුමාර පත්කර තිබෙනවා.

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ දීර්ඝ කාලයක් සේවය කර ඇති අත්දැකීම් බහුල නිලධාරියෙකු වන ඔහු, මීට පෙර අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ලෙස ද කටයුතු කළ බවයි සඳහන් වන්නේ.