කොත්මලේ ගැරඩි ඇල්ල ප්රදේශයෙදි වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 70ක් පමණ ප්රපාතයට පෙරලීමෙන් එම වෑන් රථයේ ගමත් ගත් 5 දෙනෙකු බරපතල ලෙස තුවාල ලබා නුවරඑලිය දිස්ත්රික් මහ රෝහල වෙත (02) දින අලුයම ඇතුළත් කල බව කොත්මලේ පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ඉන්දික ලලිත් මහතා පැවසීය.
අද (02) අලුයම 1:00ට පමණ මෙම අනතුර සිදු වී ඇත්තේ නුවරඑලිය ගම්පොළ ප්රධාන මාර්ගයේ කොත්මලේ ගැරඩි ඇල්ල ප්රදේශයෙ නාය ගිය ස්ථෘනයට සහ ලංගම බස් රථ අනතුර සිදු වූ ස්ථානයේ ආසන්නයේදීය.
යතුරුපැදි අනතුරක් සම්බන්ධයෙන් තුවාල ලැබූ අයෙක් බැලීමට ගොස් ආපසු කොත්මලේ තවලන්තැන්න දක්වා ආපසු ධාවනය වෙමිත් තිබු වෑන් රථයෙ එකම පවුලේ සිව් දෙනෙකු සහ වෙළද සහයකයෙකු වෑන් රථයේ ගමන් කර ඇති බවත්, වැන් රථය ධාවනය කර ඇත්තේ වෑන් රථයේ අයිතිකරුම බව පොලිසිය කියා සිටියේය.
රියදුරුට නින්ද යෑමෙන් වෑන් රථය මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදු වී ඇති බවත්, අනතුරින් තුවාල ලැබූ වෑන් රථයේ අයිතිකරුගේ පුතෙකු ප්රධාන මාර්ගයට පිවිස මාර්ගයේ ගමන් ගත් කැබ් රථයක් නතර කර තම මව පියා සහ වෙළද සහයකයා රෝහල් ගත කිරිමට සහයෝගය ඉල්ලා ඇති බවත්, පසුව ඒ බව කොත්මලේ පොලිසිය වෙත දැනුම් දිමෙන් පසු කොත්මලේ පොලිසියේ නිළධාරින්ගේද සහයෝගය ඇතිව තුවාලකරුවන් කොත්මලේ පොලිසියේද සහයෝගය ඇතිව රෝහල්ගත කර ඇත.








