අද උදෑසන ඉන්දුනීසියාවේ රික්ටර් මාපකයේ ඒකක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් ප්‍රබල භූමිකම්පාවක් සිදු වී තිබෙනවා.
එම භූමිකම්පාවත් සමඟ එරට වෙරළබඩ කලාප වෙත සුනාමි අනතුරු ඇඟවීම් ද නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.
මෙම භූමිකම්පාව, එරට වේලාවෙන් පෙරවරු 06:48ට පමණ දූපත් සමූහයේ මධ්‍යයට වන්නට පිහිටි මොලුකා මුහුදේ (Molucca Sea) සිදු වී ඇති බව සඳහන්.
හවායි හි පිහිටි පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ, භූමිකම්පාවේ කේන්ද්‍රයේ සිට කිලෝමීටර් 1,000 ක් ඇතුළත පිහිටි ඉන්දුනීසියාව, පිලිපීනය සහ මැලේසියාවේ වෙරළ තීරයන් වෙත සුනාමි රළ පැමිණීමේ අවදානමක් පවතින බවයි.








