රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) අද (02) උදෑසන 8.00 සිට හෙට (03) උදෑසන 8.00 දක්වා ක්‍රියාත්මක වන පරිදි පැය 24 ක සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.
අනීතික ස්ථාන මාරුවීම්වලට විරෝධය පළ කරමින් දිවයිනේ සියලු රජයේ රෝහල් ආවරණය වන පරිදි මෙම වර්ජන ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කරන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කළේ.
මෙම ගැටලුව සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් පසුගිය අඟහරුවාදා දිනයේ ද එම සංගමය පැය 24 ක සංකේත වැඩ වර්ජනයක නිරත වූ අතර, සිය ගැටලුවලට නිසි විසඳුම් නොලැබීම හේතුවෙන් අද දිනයේ ද මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එළඹෙන බව එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ ප්‍රකාශ කළා.
කෙසේ වෙතත්, මෙම වැඩ වර්ජන කාලසීමාව තුළ රෝගී සත්කාරක සේවා බිඳ වැටීම වැළැක්වීම සඳහා හදිසි සහ අත්‍යවශ්‍ය ප්‍රතිකාර සේවා බාධාවකින් තොරව පවත්වාගෙන යන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් අවධාරණය කරන්නේ.








