අර්බුද අවස්ථාවේ මනුෂ්‍යත්වයෙන් තොර වර්ජන අනුමත කරන්න බෑ:

රජය විසින් විධි­මත් ස්ථාන­මාරු ක්‍රියා­ව­ලි­යක් සකස් කර ක්‍රියා­ත්මක කර­මින් පව­තින බවත් ඒ අනුව කිසිදු ආකා­රයේ නීති­වි­රෝධි ස්ථාන මාරු­වී­මක් කර නොමැති බවත් කැබි­නට් ප්‍රකා­ශක, ඇමැති වෛද්‍ය නලින්ද ජය­තිස්ස මහතා පැවැ­සීය.

රජයේ වෛද්‍ය නිල­ධා­රීන්ගේ සංග­මය විසින් ආරම්භ කර ඇති වැඩ වර්ජ­නය සම්බ­න්ධව ඊයේ (31) පැවති කැබි­නට් තීරණ දැනු­ම්දීමේ ප්‍රවෘත්ති සාක­ච්ඡා­වේදී මාධ්‍ය­වේ­දි­යකු මතු­කළ ප්‍රශ්න­ය­කට පිළි­තුරු දෙමින් ඇමැ­ති­ව­රයා මේ බව කියා සිටි­යේය.

එළැ­ඹෙන මැයි 10 දින වන විට ස්ථාන මාරු කිරී­මට වෛද්‍ය­ව­රුන් 6,000ක ප්‍රමා­ණ­යක් සිටින බව පැවසූ ඇමැ­ති­ව­රයා සිදු­ක­ර­මින් පව­තින ස්ථාන­මාරු ක්‍රියා­ව­ලිය තුළින් අදාළ සංග­මයේ ක්‍රිය­ක­ලා­ප­යන් තුළ අසා­ධා­ර­ණ­යට ලක්වූ වෛද්‍ය­ව­රුන් රැස­කට සාධා­ර­ණ­යක් ඉටු­වෙ­මින් පව­තින බව කීවේය.

ඇමැ­ති­ව­රයා වැඩි­දු­ර­ටත් මෙසේ ද පැව­සීය.

“මැයි 10 වෙන­කොට ස්ථාන­මාරු කිරී­මට නිය­මිත වෛද්‍ය­ව­රුන් 6,000ක් පමණ මාරු­වී­මට නිය­මි­තයි. ඒක පෙබ­ර­වාරි පළ­මුවැනි සතියේ පටන් ගත්තේ. මේ ආකා­ර­යට විධි­මත් ක්‍රියා­ව­ලි­යක් පසු­ගිය වසර 13ම සිදු­වෙලා තිබුණේ නෑ. ඔය ට්‍රාන්සර් බෝඩ්වල හිටි­යයි කියලා කිව්වාට ඒ සංග­මයේ සාමා­ජි­කයෝ සම­හර තැන්වල අවු­රුදු 13-17 හිටියා. අක්ෂි රෝහලේ අවු­රුදු 13ක් හිටියා තමන්ට නිය­මිත ජාතික රෝහ­ලට පාරෙන් පැනලා යන්න බැරිව. ඒ නිසා මේ සියලු අක්‍ර­මි­ක­තා­වන් නතර කරලා වාර්ෂික ස්ථාන­මාරු ක්‍රියා­ව­ලි­යක් ක්‍රියා­ත්මක කර­මින් යනවා. මේකෙන් බහු­ත­ර­යක් අසා­ධා­ර­ණ­යට ලක්වෙලා හිටපු වෛද්‍ය­ව­රුන්ට සාධා­ර­ණ­යක් වෙන නිසා ඒ අය කැමැති. මේකට අකැ­මැති වෙන්නේ තමන්ගෙ බලය පාවිච් කරලා තමන්ගේ විධා­යක සභාවේ සාමා­ජි­කයෝ, තමන්ගේ සාමා­ජි­ක­යන්ගේ බිරි­න්දෑ­වරු තමන්ට කැමැති කැමැති තැන්වල අවු­රුදු ගාණක් රඳ­ව­ගෙන හිටපු අය. ඒ නිසා අදාළ ස්ථාන­මාරු ක්‍රියා­ව­ලිය ක්‍රියා­ත්මක කර­මින් යනවා.

2018 පමණ වෙන තෙක් සෞඛ්‍ය අමා­ත්‍යාං­ශය යටතේ තිබුණා උතුරු නැඟෙ­න­හිර ලැයි­ස්තු­වක්. ඒ කියන්නේ යුද්ධය කාලයේ සහ යුද්ධය කාල­යෙන් පසුව ඒ ප්‍රදේ­ශ­ව­ලට වෛද්‍ය­ව­රුන් යැවීම සඳහා වුණු ලැයි­ස්තු­වක්. 20218 වෙන කොටත් ඒක තිබුණා. යුද්ධය නතර වෙලාත් අවු­රුදු 8-9ක් වෙන­කල්ම ඒක නතර කරන්න කවු­රු­වත් උත්සාහ ගත්තෙත් නෑ. 2020දී මේක දුෂ්කර ලැයි­තු­වක් හැටි­යට ආවා. ඒ දුෂ්කර ලැයි­ස්තුව සකස් කිරී­මේදී සෞඛ්‍ය අමා­ත්‍යාං­ශයේ නිර්නා­යක තිබෙ­නවා. ප්‍රධාන නිර්ණා­යක 7ක් යටතේ තමයි සෞඛ්‍ය අමා­ත්‍යාං­ශය එම නිර්ණා­යක සකස් කළ යුතුව තිබුණේ. හැබැයි මේ සංග­මයේ බල­පෑම මත ඒ ලැයි­ස්තු­වට විවි­ධා­කා­රයේ අක­ට­යු­තු­කම් වෙලා තිබුණා.

මෙවර සෞඛ්‍ය අමා­ත්‍යාං­ශය අපේ ප්‍රාදේ­ශීය සෞඛ්‍ය සේවා අධ්‍ය­ක්ෂ­වරු, පළාත් සෞඛ්‍ය සේවා අධ්‍ය­ක්ෂ­වරු සම්බන්ධ කර­ගෙන සාකච්ඡා වට ගණ­නා­වක් කරලා අර නිර්ණා­යක 7 මත පද­නම් කරලා දුෂ්කර සේවා ලැයි­ස්තු­වක් හැදුවා. ඒ ලිස්ට් එක හදන්න සෞඛ්‍ය අමා­ත්‍යාං­ශ­යට ඒ වෘත්තිය සංගම් අවශ්‍ය නෑ. ඒක යූනි­ය­න්වල වැඩක් නෙමෙයි ඒක සෞඛ්‍ය අමා­ත්‍යාං­ශයේ වැඩක්. සෞඛ්‍ය අමා­ත්‍යාං­ශයේ වැටුප් ලබන, රාජ්‍ය සේවය ඇතුළේ තන­තු­රු­ව­ලට පත් කරලා තිබෙන නිල­ධා­රීන් ඉන්නවා සෞඛ්‍ය ලේක­ම්ව­ර­යාගේ ඉඳලා. ඒ අයට පුළු­වන් තමන්ගේ නිල­ධා­රීන් ලවා මේ තොර­තුරු ගෙන්වා­ගෙන ලැයිස්තු සකස් කරන්න. ඒ අනුව 265ක ලැයි­ස්තු­වක් සකස් කළා. ඒ ලැයි­ස්තුව තමයි අපි ප්‍රකා­ශ­යට පත් කළේ. ඒකට යූනි­යන් සම්බන්ධ කරන්න අවශ්‍ය නෑ.”

තුන්වැනි කාර­ණය මේ පශ්චාත් සීමා­වා­සික පත්කි­රීම් කියන්නේ වෛද්‍ය­ව­ර­යකු ලෙස පළ­මු­වෙන්ම රාජ්‍ය සේව­යට ඇතු­ළත් කර­ගන්නා අව­ස්ථාව. ඒක පත්වී­මක් මිසක් ස්ථාන මාරු­වී­මක් නෙවෙයි. පත්වීම් දීලා එපැයි ස්ථාන මාරු කිරීම් කරන්න වෙන්නේ. එක්කෝ අපේ වෛද්‍ය පීඨ­ව­ලින් උපා­ධිය ලබා­ගෙන, නැත්නම් කේඩීයු එකෙන්, එහෙම නැත්නම් විදේ­ශීය විශ්ව­වි­ද්‍යා­ල­වල උපා­ධිය ලබා­ගෙන වෛද්‍ය උපා­ධි­යක් සහිත අය සීමා­වා­සික පුහු­ණුව අවු­රු­ද්දක් අව­සන් කළාට පස්සේ ඒ අය සුදු­සු­කම් ලබ­නවා රාජ්‍ය සේවය සඳහා ඇතු­ළත් වෙන්න ඉල්ලුම් කරන්න. ඒකට වෛද්‍ය සේවා ව්‍යව­ස්ථා­වට අනුව වෛද්‍ය නිල­ධා­රීන් බඳවා ගැනීම තිබෙන්නේ විවෘත බඳවා ගැනී­මක්. ප්‍රාථ­මික සේව­යට බඳවා ගන්නේ. බඳවා ගැනීම සඳහා වන වෘත්තීය සුදු­සු­කම් සහ අධ්‍යා­පන සුදු­සු­කම් මේවා. ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ අනු­මත කරන ලද පිළි­ගත් රාජ්‍ය විශ්ව­වි­ද්‍යා­ල­යක හෝ විදේශ විශ්ව­වි­ද්‍යා­ල­යක වෛද්‍ය පීඨ­යක වෛද්‍ය උපා­ධිය ලැබ වෛද්‍ය සභාව විසින් පිළි­ගන්නා ලද රෝහ­ලක වස­රක සීමා­වා­සික පුහු­ණුව සාර්ථක ලෙස අව­සන් කරන ලද වෛද්‍ය­ව­ර­යකු ලෙස සේවය කිරීම සඳහා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ පූර්ණ ලියා­ප­දිං­චිය ලැබූ වෛද්‍ය නිල­ධා­රීන් බඳවා ගැනීම සඳහා සුදු­සු­කම් ලබයි. අන්න එහෙම සුදු­සු­කම් ලබපු අයට පුළු­වන් බඳවා ගැනී­මට අය­දුම් කරන්න. දෙපා­ර්ත­මේන්තු චක්‍ර­ලේ­ඛ­ය­කින් හා රජයේ ගැසට් පත්‍රයේ හා සෞඛ්‍ය අමා­ත්‍යාං­ශයේ වෙබ් අඩ­වියේ පළ කරනු ලබන ප්‍රසිද්ධ දැන්වී­ම­කින් ඒ සඳහා සුදු­සු­කම් ලත් නිල­ධා­රී­න්ගෙන් අය­දු­ම්පත් කැඳ­ව­නවා. දැන් මේ අය­දු­ම්පත් කැඳ­ව­මින් තිබෙ­නවා. අප්‍රේල් 04 දවල් 12ට අය­දු­ම්පත් කැඳ­වීම අව­සන් වෙනවා. ඒ අය­දුම් කරන අය පම­ණක් ප්‍රාථ­මික ශ්‍රේණියේ වෛද්‍ය­ව­රුන් ලෙස රජයේ රෝහ­ල්වල සේව­යට බඳවා ගන්නවා. අය­දුම් නොක­රන අයට එතැ­නින් එහාට සේවය කර­ගෙන යන්න බැහැ. ඒක තමයි නීතිය, ඒක තමයි චක්‍ර­ලේ­ඛය. ඒක තමයි ආය­තන සංග්‍ර­හය. ඒක කාර්ය­ප­ටි­පාටි නීති. ඒ අනුව අප්‍රේල් මස 04 වැනිදා දවල් 12 වෙන­කම් අය­දුම් කරන අය පම­ණක් රාජ්‍ය සේව­යට ඇතු­ළත් කර ගන්නවා. එතැ­නින් එහාට කිසිම ආකා­ර­ය­කට කාල­සී­මාව දික් කර­න්නෙත් නැහැ. බඳවා ගැනීම් වෙනස් කර­න්නෙත් නැහැ. මේක තමයි නීතිය. ඒ අනුව කට­යුතු කර­නවා.

රජයේ වෛද්‍ය නිල­ධා­රීන්ගේ සංග­ම­යම කියලා තියෙ­නවා ඒගොල්ලෝ ස්ට්‍රයික් එක හවස ප්‍රයි­වට් ප්‍රැක්ටිස් එක කර­නවා කියලා. පෞද්ග­ලික සේවා­ව­වල නිරත වෙනවා කියලා. එතැ­නි­නුත් රෝගීන්ට යම් සහ­න­යක් ලැබෙයි, මුදල් ගෙවලා හරි සේව­යක් ලබා­ගන්න. හැබැයි මතක තියා ගන්න සෞඛ්‍ය අමා­ත්‍යාං­ශ­යක් පවත්වා ගෙන යනවා. අමා­ත්‍යාං­ශයේ වැඩ අමා­ත්‍යාං­ශය කර­ගෙන යනවා. යූනි­යන් එකේ වැඩ යූනි­යන් එක කර­පු­දෙන්. මෙච්චර කල් කරලා තිබුණේ අන­වශ්‍ය ලෙස මේ යූනි­යන් එක අමා­ත්‍යාං­ශයේ වැඩ­ව­ලට මැදි­හත් වෙන එක. පත්වීම් ලබා දීමේදී, ස්ථාන මාරු කිරීම් කිරී­මේදී, ලයිස්තු හැදී­මේදී මේ මැදි­හ­ත්වීම කොත­රම්ද කිය­නව නම් ඒ අය වෙනම සෞඛ්‍ය අමා­ත්‍යාං­ශයේ කාම­ර­යක් වෙන් කර­ගෙන වෛද්‍ය ක්ෂේත්‍රයේ අය දන්වා 07 කාම­රය කියල එකක් තිබුණා. වෙනම කාම­ර­යක් තියා ගෙන. රෝහ­ල්වල වැඩ කරන්න ඕනි වෛද්‍ය­ව­රුන් 04-06ක් එතැන තියා­ගෙන. ඒ පම­ණක් නෙවෙයි වැටුප් ගෙවලා සෞඛ්‍ය­යට සම්බ­න්ධ­යක් නැති කෙනෙක් 2016 ඉඳන් එතැන තියා­ගෙන තමයි මේ ලයිස්තු සකස් කරලා තිබුණේ. අපි එන­කම් එහෙම තමයි වැඩ කරලා තිබුණේ. සෞඛ්‍ය අමා­ත්‍යාං­ශයේ සම­හර නිල­ධා­රීන් ඒකට යට­වෙලා හිටියා. එහෙම කරන්න බැහැ. අමා­ත්‍යාං­ශ­යක් තියෙ­නව නම් අමා­ත්‍යාං­ශය අනුව කට­යුතු කරන්න ඕනි. අපි ඒ අනුව කට­යුතු කර­නවා. මේ ට්‍රාන්සර් බෝඩ් එකේ ඉන්නවා කියලා අමා­ත්‍යාං­ශයේ හැම කට­යු­ත්ත­ක­ටම අත තියන්න බැහැ. ට්‍රාන්සර් බෝඩ් කියන්නේ සකල ලෝක පූට්ටු වගේ දෙයක් නෙවෙයි. හැම­දේ­ක­ටම අත දාන්න බැහැ. එතැන තිබෙන්නේ ස්ථාන මාරු කිරී­මේදී තමන්ගේ සාමා­ජි­ක­ය­කුට යම් අසා­ධා­ර­ණ­යක් වෙන­ව­නම් ඒකට ඉදි­රි­පත් කිරීම් කර­නවා මිසක් ස්ථාන මාරු ලැයිස්තු හදන එකට, පත්වීම් ලැයිස්තු හදන එකට එහෙම අයි­ති­යක් නැහැ කිසිම රජයේ සේව­ක­ය­කුට. එහෙ­නම් ගුරු­ව­රුන්ට, නර්ස්ලාට, එහෙම එකක් නැහැ . කරු­ණා­ක­රලා ඒ අයට කියන්නේ සංකේත වැඩ වර්ජන කරන්න යන්න එපා. ලෝක යුද්ධ­යක් පව­තින වෙලාවේ කවුරු හරි අනී­තික ලෙස මනු­ෂ්‍ය­ත්ව­යෙන් තොරව මේ වගේ වැඩ වර්ජන කර­නව නම් ඒ ගැන සලකා බලන්න ඕනි. වැඩ කරන අය වැඩ කරන්න. ඒ අයට වැඩ කරපු දව­ස්ව­ලට වැටුප සහ අම­තර දීම­නාත් ලබා දෙනවා. මේක රජය ස්ථාවර තීන්දු­වක ඉන්නවා.”

නුවන් කොඩි­කාර