GMOA වර්ජ­න­යෙන් රෝගීහු අප­හ­සු­තා­වට

විවිධ රෝගී තත්ත්ව­යන්ට ප්‍රති­කාර ලබා­ගැ­නීම සඳහා රජයේ රෝහ­ල්ව­ලට පැමිණ සිටි රෝගීහු විශාල පිරි­සක් රජයේ වෛද්‍ය නිල­ධා­රීන්ගේ සංග­මය ඊයේ (31) ක්‍රියා­ත්මක කළ පැය 24 එක් දින වැඩ වර්ජ­නය හේතු­වෙන් අප­හ­සු­තා­වට පත්ව සිටි­යහ.

කලින් නොදන්වා එක් වරම පැවැත්වූ මේ වැඩ වර්ජ­නය හේතු­වෙන් තමන්ට නික­රුණේ බස් ගාස්තු වැය කිරී­මට මෙන්ම කාලය විනාශ කර ගැනී­ම­ටද සිදු වූ බවට රෝගීහු චෝදනා කරති.

රෝගීන් ගැන කිසිදු අනු­ක­ම්පා­වක් නැතිව සිදු කරන මේ වර්ජන අනු­මත කළ නොහැකි බව ද ඔවුහු පව­සති.

වර්ජ­නය ක්‍රියා­ත්මක වුවත් හදිසි ප්‍රති­කාර සහ මාතෘ හා ළමා, වකු­ගඩු, පිළිකා රෝහ­ල්වල සේවා­වන් සාමාන්‍ය පරිදි සිදු කළත් සාමාන්‍ය ජන­තා­වට ප්‍රති­කාර ගැනී­මට නොහැකි වීම නිසා දැඩි දුෂ්ක­ර­තා­ව­ලට ලක් වූ බවත් රෝගීහු පව­සති.

දුරබැහැර ප්‍රදේ­ශ­වල සිට පැමිණ ප්‍රති­කාර නොගෙන යෑමට සිදු­වීම කන­ගා­ටු­දා­යක බවත් රෝගීන් මෙම ක්‍රියා­වන් නිසා අප­හ­සු­තා­වට පත් වූ බවත් රෝගීහු පව­සති.

වැඩ වර්ජ­න­යන් සිදු නොකර රෝගීන් අප­හ­සු­තා­වට පත් නොකර කට­යුතු කර­න්නට වෛද්‍ය­ව­රුන්ට හැකි නම් එය අහිං­සක රෝගීන්ට සහ­න­යක් බවත් මහ­ජන මුද­ල්ව­ලින් ඉගෙ­නුම ලබා සිදු කරන මේ වැඩ වර්ජන අනු­මත කළ නොහැකි බවත් රෝගීහු ප්‍රකාශ කරති.

බදුල්ල ශික්ෂණ රෝහ­ලෙන් ප්‍රති­කාර ගැනීම සඳහා පැමිණි රෝගි­යකු වෛද්‍ය වැඩ වර්ජ­නය නිසා දැඩි අප­හ­සු­තා­වට පත්ව පෝලි­මක රැඳී සිටිය දී සිහි­සුන්ව ඇද වැටුණු බවට ද වාර්තා වේ.

ඇතැම් රෝගීන්ට වෙනත් දින­යන් ලබාදී ඇති බවත් ආර්ථික අප­හ­සු­කම් මැද පැමිණි රෝගීන්ට නැවත දින­යක පැමි­ණී­මට සිදු වීමෙන් අතැති මුදල් ද හිඟ වන බවත් රෝගීහු චෝදනා කරති.

සන්ධ්‍යා කරු­ණා­රත්න