පවතින වියළි කාලගුණය හමුවේ ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙසට වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් සිදු කර තිබෙනවා.
ප්‍රධාන ගංගා බොහොමයක ජල මට්ටම මේ වන විට 75% ක අගයක පවතින බවයි එම දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ අධ්යක්ෂ එල්.එස්. සූරියබණ්ඩාර සඳහන් කළේ.
මෙවර වගා කන්නය සඳහා අවශ්‍ය ජලය ලබාදීමට හැකියාව පවතින නමුත්, පානීය ජල අවශ්‍යතා සඳහා ගංගාවලින් ජලය ලබා ගන්නා ස්ථානවලට කරදිය කාන්දු වීමේ අවදානමක් පවතින බව ද ඔහු පෙන්වා දුන්නා.
විශේෂයෙන්ම නිල්වලා, කැලණි සහ කළු යන ගංගාවල මෙම තත්ත්වය ඇති විය හැකි බැවින්, ජලය ඉතාම පරිස්සමින් පරිහරණය කරන ලෙසයි ඔහු වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.







