ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින්, තෝරාගත් රටවල් 39ක විදේශ ගමන් බලපත්‍ර දරන්නන් සඳහා ගාස්තු අය කිරීමකින් තොරව මාස 06ක කාලසීමාවක් සඳහා නොමිලේ සංචාරක වීසා නිකුත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා.
ඒ අනුව, මෙම නොමිලේ සංචාරක වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය සඳහා ආගමන හා විගමන පනතේ විධිවිධානවලට අනුකූලව නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කර ඇති නියෝග, අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට මෙලෙස කැබිනට් අනුමැතිය ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.
අදාළ කැබිනට් තීරණය පහතින්.








