මත්ද්‍රව්‍ය රැගත් යාත්‍රාවක් සහ සැකකරුවන් 06 දෙනෙක් ගැඹුරු මුහුදේ දී නාවික හමුදා අත්අඩංගුවට

ශ්‍රී ලංකාවට නිරිත දෙසින් වූ ගැඹුරු මුහුදේ දී නාවික හමුදාව සිදු කළ විශේෂ මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය බවට සැක කෙරෙන උර තොගයක් ප්‍රවාහනය කරමින් තිබුණු දේශීය බහුදින ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ යාත්‍රාව සමඟ සැකකරුවන් හයදෙනකු (06) අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් වැඩිදුර විමර්ශන සහ ඉදිරි නීතිමය කටයුතු සඳහා මේ වන විට ගොඩබිමට රැගෙන එමින් පවතින බවයි වාර්තා වන්නේ.