Month March 2026

මැදපෙරදිග යුද්ධයෙන් රුසියාවේ කල්ල මරේ

අමෙරිකාව හා ඊශ්‍රායලය එක්ව ඉරානයට එරෙහිව ක්‍රියාත්මක කර ඇති යුද්ධය මධ්‍යයේ රුසියාවේ තෙල් සඳහා ඇති ඉල්ලුම සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව විදෙස් වාර්තා පවසයි. එම වාර්තා පෙන්වා දුන්නේ, රුසියාව අවම වශයෙන් දිනකට අමෙරිකානු ඩොලර් මිලියන 760කට අධික ආදායමක් උපයන බවය.…

ට්‍රම්ප්ගේ තීරණයෙන් පසු බොරතෙල් මිලේ සුළු වෙනසක්

ආසියානු වෙළෙඳපොළේ අද (27) පෙරවරුව වන විට බොරතෙල් මිලෙහි සුළු පහළ යෑමක් වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. ඒ අනුව, බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල 1.2%කින් පහළ ගොස් අමෙරිකානු ඩොලර් 106.76ක් ලෙස සටහන් වී ඇති අතර, අමෙරිකානු බොරතෙල්…

‘බැකෝ සමන්’ගේ නෑනා නඩුවෙන් මුදාහරින්නැයි නියෝග

ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන එන ලද සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන Òබැකෝ සමන්Ó නමැත්තාගේ බිරියගේ නැඟණිය එම නඩුවෙන් මුදාහරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා ඊයේ (26) නියෝග කළේය. සැකකාරිය වෙනුවෙන් පෙනී සිටිමින් කරුණු දැක්වූ…

කුඩු ජාවාරමුන්ගේ මිලියන 3,270ක දේපළ තහනම්

වත්මන් ආණ්ඩුව බලයට පත්වූ 2024 වර්ෂයේ සිට මේ දක්වා ගෙවුණු කාලය තුළ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ රුපියල් මිලියන 3,270ක දේපළ තහනම් කිරීමට පියවර ගෙන තිබේ. මෙම (2026) වසරේ මුල් මාස හතරේදී පමණක් පුද්ගලයන් 08 දෙනකුට අයත් රුපියල් මිලියන 170ක දේපළ තහනම්කර ඇත.…

QR අවභාවිත කළැයි පැමිණිලි 1,000ක්

වෙනත් පුද්ගලයන් සතු QR කේත භාවිත කරමින් වංචනික ලෙස ඉන්ධන ලබාගැනීමේ සිද්ධීන් සම්බන්ධයෙන් මේ වන විට පැමිණිලි 1,000කට අධික ප්‍රමාණයක් ලැබී ඇති බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සඳහන් කරයි. මෙම වංචනික ක්‍රියා මැඬපැවැත්වීමට අමාත්‍යාංශය, පොලීසිය සමඟ එක්ව විශේෂ විමර්ශන ආරම්භ කර…

අගමැති හරිනි සහ ශ්‍රී ලංකාවේ කියුබා තානාපතිනිය අතර හමුවක්

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහ ශ්‍රී ලංකාවේ කියුබා තානාපතිනි Patricia Lazara Pego මහත්මිය අතර හමුවක් පැවැත්වුණි. ඒ ඊයේ (26) අග්‍රාමාත්‍ය කාර්යාලයේදීය. මෙහිදී අධ්‍යාපන ක්ෂේත්‍රයේ සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම, දැනුම හුවමාරු වැඩසටහන්, ධාරිතා සංවර්ධන වැඩසටහන් වැනි ව්‍යාපෘති ඔස්සේ දෙරටේ මානව සම්පත් සංවර්ධනය කිරීම…

පොළොන්නරුවේ කාර්මික පුනර්ජීවනයට දැවැන්ත පියවරක්

ව්‍යවසායකයින් සහ කර්මාන්තකරුවන් මුහුණ දෙන ප්‍රායෝගික ගැටලු හඳුනාගෙන, රාජ්‍ය යාන්ත්‍රණය ඔවුන් වෙත සමීප කරවීමේ අරමුණින් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(26) පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ‘දිස්ත්‍රික් කර්මාන්ත අනුකමිටු’ රැස්වීම පැවැත්විණි. මෙහිදී පොළොන්නරුව දිස්ත්‍රික්කයේ කාර්මික ක්ෂේත්‍රය නංවාලීම…

ආරවුලක් දුර දිග ගොස් පියාගේ පොරෝ පහරින් පුතා මරුට

පියපුතු දෙදෙනෙක් අතර ඇතිවූ    ආරාවුලකදී  පියා විසින්  පොරොවකින් කොටා  තම පුත්‍රයා මරාදමා  ඇති බව කියන සිද්ධියක්  ඊයේ (26) මහකුඹුක්කඩවල  පොලිස් වසමට  අයත් සොහොන්කල්ම ගම්මානයෙන් වාර්තාවෙයි. ඊයේ  රාත්‍රියේ සිදුකර ඇති මෙම පොරොව ප්‍රහාරයෙන්  බරපතල තුවාල සිදුවී  මෙලෙස  මියගොස් ඇත්තේ සොහොන්කල්ම පදිංචිව…

කොටියකුගේ ප්‍රහාරයට ලක් වූ විදේශීය හිමිනමක් අපවත් වෙයි

පානම පොලිස් වසමේ බඹරගස්තලාව ආරන්‍ය සේනාසනයේ භාවනායෝගීව වැඩ විසූ හිමිනමක් කොටියෙකු විසින් සපා කෑම හේතුවෙන් අපවත් වී තිබෙනවා. ඊයේ (26) උදෑසන කාලයේදී මෙම සිදුවීම වාර්තා වී ඇති අතර, මෙලෙස අපවත් වී ඇත්තේ වයස අවුරුදු 43 ක් වූ චෙක් ජාතික හිමිනමක්…