මෙවර රාජ්‍ය වෙසක් මහෝත්සවය මාතර තිහගොඩ මිදෙල්ලවල පුරාණ විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා.
ඒ අනුව, මැයි 27 වන දින සිට ජුනි 02 වන දින දක්වා කාලය ‘වෙසක් සතිය’ ලෙස ප්‍රකාශයට පත් කර ඇති අතර, මෙවර වෙසක් උත්සවයේ තේමාව වන්නේ <em>’පොදු යහපත පිණිස වහ වහා පෙළගැසෙමු'</em> යන්නයි.
බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය මඟින් සංවිධානය කරනු ලබන මෙම මහෝත්සවය සඳහා අදාළ ප්‍රතිපාදන වෙන් කිරීමට ද කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
අදාළ කැබිනට් තීරණය පහතින්.








