වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීම සඳහා අද (31) දිනයේ සිට මධ්‍යගත ඉලෙක්ට්‍රොනික් පද්ධතිය විවෘත කරන බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.
එහි අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතා සඳහන් කළේ, ඒ අනුව අද දිනයේ සිට වත්කම් සහ බැරකම් ප්‍රකාශ නිකුත් කළ යුත්තේ මෙම මධ්‍යගත ඉලෙක්ට්‍රොනික් පද්ධතිය හරහා පමණක් බවය.
ඒ පිළිබදව පැහැදිලි කරන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතා,
“2023 අංක 9 දරණ, දූෂණ විරෝධී පනත ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් පාලනය කරනු ලබන මධ්යගත ඉලෙක්ට්‍රොනික් පද්ධතිය ප්‍රකාශකයින් සඳහා විවෘත කිරීම පෙරවරු 10ට බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පිහිටි බණ්ඩාරනායක ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානයේ දී සිදුකිරීමට කටයුතු සුදානම් කර ඇත. මධ්‍යගත ඉලෙක්ට්‍රොනික පද්ධතියේ ක්‍රියාකාරීත්වය ආරම්භ කරාට පසුව වත්කම් හා බැරකම් ප්‍රකාශ කළ යුතු කාණ්ඩයන්ට අයත් වන නිලධාරීන් තමන්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශ එම පද්ධතිය හරහා පමණක් ඉදිරිපත් කළ යුතුයි.”







