මැතිවරණ කොමිසමේ ඊ-සේවා තවදුරටත් පුළුල් කෙරේ

මැතිවරණ කොමිෂන් සභාව විසින් මහජනතාවට සේවාවන් ලබා ගැනීම පහසු කිරීම සඳහා වන මාර්ගගත ‘මැතිවරණ ඊ-සේවා’ ක්‍රමවේදය තවදුරටත් පුළුල් කර ඇති බව එම කොමිසම පවසනවා.

ඒ අනුව, ග්‍රාම නිලධාරී කාර්යාල, දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල හෝ කොමිෂන් සභාව වෙත පෞද්ගලිකව පැමිණීමකින් තොරව, අන්තර්ජාලය ඔස්සේම අවශ්‍ය සේවාවන් ලබා ගැනීමට පහසුකම් සලසා ඇති බවයි වාර්තා වන්නේ.

https://eservices.elections.gov.lk සබැඳිය මගින් හෝ, පහත QR කේතය මගින් හෝ, ec.lk/es මගින් මැතිවරණ ඊ-සේවාව වෙත පහසුවෙන් පිවිසිය හැකියි. 

අන්තර්ජාල සබඳතාව සහිත ඕනෑම පරිගණකයක් හෝ ස්මාර්ට් ජංගම දුරකථනයක් මඟින් දවසේ ඕනෑම වේලාවක මෙම සේවාවන් ලබා ගැනීමට හැකියාව පවතින බවයි මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

 news images