බතික් එයාර් මංගල ගුවන් යානය කටුනායකට

බතික් එයාර් මංගල ගුවන් යානය මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට අද අලු‍යම කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පැමිණියා.

ඒ, මගීන් 62 දෙනෙකු සහ ගුවන් කාර්ය මණ්ඩල සාමාජිකයින් 04 දෙනෙකු සමඟින්.

ගුවන් යානය යළි අද අලු‍යම 02.05 ට මගීන් 160 දෙනෙකු ද සමඟ මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර බලා පිටත්ව ගිය බවයි ගුවන් තොටුපළ වාර්තාකරු සඳහන් කළේ.

බතික් එයාර් ගුවන් සේවය සතියකට දින 04 ක් ශ්‍රී ලංකාව සහ මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර අතර ධාවනය වීමට නියමිතයි.