පසුගිය වසර තුනක කාලය තුළ දරුණු ගණයේ අපරාධකරුවන් 30 දෙනකු මෙරටට රැගෙන ඒමට සමත් වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් පවසනවා.
ජාත්‍යන්තර රතු නිවේදන නොමැතිව ද සැකකරුවන් මෙරටට ගෙන්වා ගැනීමට හැකියාව ලැබී ඇති බවත්, ඒ අනුව සැකකරුවන් 13 දෙනෙකු දිවයිනට ගෙන්වා ගත් බවත් ඔහු සඳහන් කළා.
පසුගිය 28 වැනිදා ඉන්දියාවේ සිට මෙරටට රැගෙන ආ සැකකරුවන් දෙදෙනා ද එලෙස රතු නිවේදන නොමැතිව රැගෙන ආ පිරිසක් බවයි අද (30) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළේ.
එසේම සංවිධානාත්මක අපරාධකරුවන් 88 දෙනෙකු සඳහා මේ වන විට රතු නිවේදන නිකුත් කර ඇති බව ද සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් වැඩිදුරටත් සඳහන් කළා.







