මාසිකව සිදු කරනු ලබන ඉන්ධන මිල සංශෝධනයට අදාළව මෙම මාසය අවසානයේ දී කිසිදු මිල සංශෝධනයක් සිදු නොකරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පෙරේදා (28) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ.ඒ.එස්. ද එස්. රාජකරුණා මහතා මේ බව ප්‍රකාශ කළේය. ලෝක වෙෙළඳපොළේ පවතින බොරතෙල් මිල ගණන් පදනම් කරගනිමින්, ඉදිරි මිල සංශෝධනයන් සම්බන්ධයෙන් වන අවසන් තීරණය රජය විසින් ගනු ඇති බව සභාපතිවරයා මෙහි දී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
මාර්තු මාසය තුළ පළමු මිල සංශෝධනය මාර්තු 09 වැනි දින සිදුකළ අතර, ඉන් අනතුරුව මාර්තු 20 වැනි දින දෙවන වරටත් මිල සංශෝධනයක් සිදු කරන ලදි. එහි ප්‍රතිඵලයක් ලෙස මාසය තුළ ප්‍රධාන ඉන්ධන කාණ්ඩ සියල්ලේම 35%ක පමණ සමස්ත මිල වැඩිවීමක් සිදුවිය.
රක්ෂණ ශ්‍රියන්ත







