හෙට උදෑසන 8.00 සිට එක්දින සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරනවා – GMOA

හෙට උදෑසන 08.00 සිට එක් දින දීප ව්‍යාප්ත සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

කිසිදු විමසීමකින් තොරව නීතිවිරෝධිව දේශපාලනික අරමුණකින් යුතුව වෛද්‍ය ස්ථාන මාරුකිරීම් සිදුකර ඇති බවත්, මෙම ස්ථාන මාරුකිරීම් හේතුවෙන් මෙම පියවර ගන්නා බවයි අද (30) මාධ්‍ය හමුවකට එක්වෙමින් වෛද්‍ය හංසමාල් වීරසූරිය පවසා සිටියේ.

මේ වන විට ස්ථාන මාරුකිරීම් සඳහා ලැයිස්තුවක් සාදා ඇති බවත්, මින් පෙර කිසිදු දිනකදී එවැන්නක් සිදුකර නොමැති බවත් ඔහු චෝදනා කර සිටියා.

රජයට හෙට (31) උදෑසන දක්වා කාලය ලබා දී තිබෙන බවත්, සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කළ ද, හදිසි ප්‍රතිකාර නිසි පරිදි සිදුකරන බවයි <span style=’color:#000000′><span>වෛද්‍ය හංසමාල් වීරසූරිය</span></span> වැඩිදුරටත් සඳහන් කර සිටියේ‍.