මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ යළි රිමාන්ඩ්

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ අප්‍රේල් 10 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.

සැකකාර කොමසාරිස්වරයා අද (30) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

වාහන ලියාපදිංචි කිරීමේදී සිදුකළ අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයකට අදාළව ඔහු පසුගියදා අත්අඩංගුවට ගෙන තිබුණා.