ගුවන් හමු­දාවේ 75 වැනි සැම­රු­මට ඩෙස්ෆෝඩ් දෙමළ මහා විදු­හ­ලට IT මධ්‍ය­ස්ථා­න­යක්

ගුවන් හමු­දාවේ 75 වැනි සංව­ත්ස­ර­යට සම­ගා­මීව නුව­ර­එ­ළිය, නානු­ඔය, ඩෙස්ෆෝඩ් (DESSFORD) දෙමළ මහා විද්‍යා­ල­යට නව තොර­තුරු තාක්ෂණ පරි­ග­ණක මධ්‍ය­ස්ථා­න­යක් ලබා දී තිබේ.

ශ්‍රී ලංකා ගුවන් හමු­දාවේ 75 වැනි සංව­ත්ස­ර­යට සම­ගා­මීව, වත්මන් ගුවන් හමු­දා­පති එයාර් මාර්ෂල් බන්දු එදි­රි­සිංහ මහ­තාගේ මඟ පෙන්වීම යටතේ ගුවන් හමුදා තොර­තුරු තාක්ෂණ අංශය විසින් ඩෙස්ෆෝඩ් දෙමළ මහා විද්‍යා­ලයේ සිසුන් සඳහා අංග­ස­ම්පූර්ණ පහ­සු­කම් සහිත නව තොර­තුරු තාක්ෂණ (IT) පරි­ග­ණක මධ්‍ය­ස්ථා­න­යක් ඉදි­ක­රනු ලැබ තිබෙන අතර මෙම මධ්‍ය­ස්ථා­නය පසු­ගි­යදා සිසු අයි­ති­යට පත් කෙරිණි. සිසුන්ට නවීන තාක්ෂ­ණික ඉගෙ­නුම් පරි­ස­ර­යක් ලබා දීමේ අර­මු­ණින් ක්‍රියා­ත්මක කරන ලද මෙම ව්‍යාපෘ­තිය අංග රැස­කින් සම­න්විත වන අතර, වායු සමී­ක­ර­ණය කරන ලද නව තොර­තුරු තාක්ෂණ විද්‍යා­ගා­රය, ඩෙස්ක්ටොප් පරි­ග­ණක 15ක්, UPS පද්ධති සහ අන්ත­ර්ජාල පහ­සු­කම් ඒ අතර වෙයි. මෙම පහ­සු­කම් මඟින් පාසල් සිසුන්ට නවීන තොර­තුරු තාක්ෂණ මෙව­ලම් භාවිත කර­මින් තම අධ්‍යා­පන කට­යුතු සිදු­කි­රී­මට අව­ස්ථාව සැලසේ.

මෙම ව්‍යාපෘ­තිය සඳහා Alengko Foundation සහ ඕස්ට්‍රේ­ලි­යාවේ හා ජර්ම­නියේ පදිංචි ශ්‍රී ලාංකික ප්‍රජාව මූල්‍ය දාය­ක­ත්වය ලබා දී ඇති අතර, එහි ඉදි­කි­රීම් කට­යුතු ශ්‍රී ලංකා ගුවන් හමුදා පිදු­රු­ත­ලා­ගල කඳ­වුරේ මූලි­ක­ත්ව­යෙන් සිදු කර ඇත.

පරි­ග­ණක මධ්‍ය­ස්ථා­නය සිසු අයි­ති­යට පත් කිරීමේ අව­ස්ථාව සඳහා ගුවන් හමු­දාවේ අධ්‍යක්ෂ ජන­රාල් විද්‍යුත් හා තොර­තුරු තාක්ෂණ ඉංජි­නේරු එයාර් වයිස් මාර්ෂල් අසිත හෙට්ටි­ආ­රච්චි, තොර­තුරු තාක්ෂණ අධ්‍යක්ෂ ගෲප් කැප්ටන් චානක සූරි­ය­ආ­රච්චි සහ ගුවන් හමුදා පිදු­රු­ත­ලා­ගල කඳ­වුරේ අණ­දෙන නිල­ධාරි ගෲප් කැප්ටන් චින්තක ජය­සු­න්දර මහ­ත්වරු ඇතුළු ගුවන් හමුදා නිල­ධා­රීන් පිරි­සක් සහ­භාගි වූහ. මීට අම­ත­රව Alengko පද­නමේ සාමා­ජි­ක­යන්, පාසලේ විදු­හ­ල්ප­ති­ව­රයා, ගුරු­ව­රුන් සහ සිසු දරු දැරි­යන් පිරි­සක් ද මෙම අව­ස්ථා­වට එක්ව සිටි­යහ.

මහින්ද අලු­ත්ගෙ­දර