අප්‍රේල් තෙල් මිලේ වෙනසක් නෑ

මාසි­කව සිදු කරනු ලබන ඉන්ධන මිල සංශෝ­ධ­න­යට අදා­ළව මෙම මාසය අව­සා­නයේ දී කිසිදු මිල සංශෝ­ධ­න­යක් සිදු නොක­රන බව ලංකා ඛනිජ තෙල් නීති­ගත සංස්ථාව පව­සයි.

රජයේ ප්‍රවෘත්ති දෙපා­ර්ත­මේ­න්තුවේ පෙරේදා (28) පැවැති මාධ්‍ය හමු­ව­කට එක්වෙ­මින් ලංකා ඛනිජ තෙල් නීති­ගත සංස්ථාවේ සභා­පති ඩී.ජේ.ඒ.එස්. ද එස්. රාජ­ක­රුණා මහතා මේ බව ප්‍රකාශ කළේය. ලෝක වෙ‍ෙළ­ඳ­පොළේ පව­තින බොර­තෙල් මිල ගණන් පද­නම් කර­ග­නි­මින්, ඉදිරි මිල සංශෝ­ධ­න­යන් සම්බ­න්ධ­යෙන් වන අව­සන් තීර­ණය රජය විසින් ගනු ඇති බව සභා­ප­ති­ව­රයා මෙහි දී වැඩි­දු­ර­ටත් පෙන්වා දුන්නේය.

මාර්තු මාසය තුළ පළමු මිල සංශෝ­ධ­නය මාර්තු 09 වැනි දින සිදු­කළ අතර, ඉන් අන­තු­රුව මාර්තු 20 වැනි දින දෙවන වර­ටත් මිල සංශෝ­ධ­න­යක් සිදු කරන ලදි. එහි ප්‍රති­ඵ­ල­යක් ලෙස මාසය තුළ ප්‍රධාන ඉන්ධන කාණ්ඩ සිය­ල්ලේම 35%ක පමණ සමස්ත මිල වැඩි­වී­මක් සිදු­විය.

රක්ෂණ ශ්‍රියන්ත