මත්ද්‍රව්‍ය ජාවාරම් සඳහා ආධාර අනුබල දුන් සැකකරුවන් දෙදෙනෙකු බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම වසරේ ජනවාරි 29 වැනි දින එම කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ගනේමුල්ල පොලිස් වසමේදී කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 04 ග්‍රෑම් 423ක් සහ මත්පෙති 3,450ක් සමග අත්අඩංගුවට ගන්නා ලද සැකකාරියක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබුණි.
මෙම මත්ද්‍රව්‍ය ජාවාරම සඳහා සැකකාරියගේ ස්වාමි පුරුෂයා හා පුත්‍රයා ආධාර අනුබල දී ඇති බවටත් ඔවුන් මුහුදු මාර්ගයෙන් ඉන්දියාව වෙත පලාගොස් සිටින බවටත් වැඩිදුරටත් අනාවරණය වී ඇත.
සැකකරුවන් දෙදෙනා නීතිවිරෝධි ලෙස ඉන්දියාවේ රැඳී සිටියදී පසුගිය 24 වැනි දින ඉන්දීය ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඊයේ (28) දින මෙරටට පිටුවහල් කර තිබේ.
ඒ අනුව කටුනායක ගුවන්තොටුපළ පැමිණීමේ පර්යන්තයේදී එදින දහවල් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම සැකකරුවන් දෙදෙනා මත්ද්‍රව්‍ය ජාවාරම් සඳහා ආධාර අනුබල දීමේ වරදට අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය වෙත භාර දී තිබේ.
සැකකරුවන් අවුරුදු 23 හා 57 යන වයස්වල පසුවන කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.
සිද්ධිය සම්බන්ධව වැඩිදුර විමර්ශන බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය විසින් සිදුකරනු ඇත.







