මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කැබ් රථයක චැසි අංකය සංශෝධනය කර, ව්‍යාජ ලියාපදිංචියක් සඳහා ආධාර අනුබල දීමේ චෝදනාවක් සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන අංශය විසින් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහුව අද (28) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.







