ජනාධිපති කුසලාන රග්බි : වෙස්ලි – ත්‍රිත්ව අවසන් පූර්ව ගැටුම අද

ජනාධිපති කුසලාන අන්තර් පාසල් රග්බි තරගාවලියේ අවසන් පූර්ව තරගයක් අද (28) පස්වරුවේ පැවැත්වෙනවා.

ඒ, වෙස්ලි විද්‍යාලය සහ ත්‍රිත්ව විද්‍යාලය අතරයි.

මෙම තරගය රාජකීය රග්බි පිටියේදී පැවැත්වීමට නියමිතයි.

අනෙක් අවසන් පූර්ව තරගය හෙට CR ඇන්ඩ් FC ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන්නේ කොළඹ රාජකීය විද්‍යාලය සහ ඉසිපතන විද්‍යාලය අතරයි.

මේ අතර, නවසීලන්ත – ශ්‍රී ලංකා රග්බි තරගාවලිය දෙවනවරටත් ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට කටයුතු සංවිධාන කර තිබෙනවා.

තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය සඳහන් කළේ, ඊට සහභාගී වීම සඳහා කිලෝග්‍රෑම් 85ට අඩු නවසීලන්ත ජාතික කණ්ඩායම ලබන මස 20 වැනිදා දිවයිනට පැමිණෙන බවයි.

ඒ අනුව දෙරට අප්‍රේල් 25 වැනිදා පැවැත්වෙන අතර, දෙවන තරගය මැයි 3 වැනිදා මහනුවරදී පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.