ඉන්ධන සඳහා නිකුත් කර ඇති QR කේත ක්‍රමය වැඩිදියුණු කරමින් ඵලදායිතාවය ඉහළ නැංවීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ඊයේ (27) පවත්වා තිබෙනවා.
බලශක්ති අමාත්‍යංශයේදී පැවැති මෙම සාකච්ඡාවේදී QR කේත ක්‍රමය සම්බන්ධයෙන් මේ වන විට මතු වී ඇති ගැටලුකාරී තත්ත්වයන් සමථයකට පත්කිරීම ගැන සහ එහි තාක්ෂණික ශක්‍යතා වඩාත් ඵලදායී ආකාරයෙන් භාවිතා කිරීම පිළිබඳව අවධානය යොමු වී තිබෙන බවයි සඳහන් වන්නේ.
ඊට අමතරව කර්මාන්ත ඇතුළු විවිධ ක්ෂේත්රයන් හි ඉන්ධන අවශ්‍යතාවය පරිපූර්ණ වශයෙන් සඵල කිරීමට ගත යුතු ඉදිරි පියවර පිළිබඳවද විශේෂයෙන් සාකච්ඡා කර තිබෙනවා.
ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය හාන්ස් විජේසූරිය, බලශක්ති අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල, ඩිජිටල් ආර්ථික අමාත්‍යංශයේ ලේකම් වරුණ ශ්‍රී ධනපාල, එම අමාත්‍යංශයේ උපදේශකවරුන් වන සුමුදු රත්නායක සහ උපුල් අබේසිරිවර්ධන ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සම්බන්ධ වූ බවයි වැඩිදුරටත් දැක්වෙන්නේ.







