නගරාන්තර ඉන්ධන ප්‍රවාහන ගාස්තු 25% කින් ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) එකඟතාව පළ කිරීමත් සමඟ, හෙට (28) සිට ඉන්ධන ප්‍රවාහන කටයුතු සාමාන්‍ය පරිදි සිදු කරන බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය නිවේදනය කරනවා.
පවතින ආර්ථික තත්ත්වය සහ මෙහෙයුම් පිරිවැය ඉහළ යාම සැලකිල්ලට ගනිමින් ප්‍රවාහන ගාස්තු සංශෝධනය කරන ලෙස ඉල්ලා ටැංකි රථ හිමියන් මීට පෙර බලධාරීන්ගෙන් ඉල්ලීම් කර තිබුණා.







