ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන එන ලද සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන Òබැකෝ සමන්Ó නමැත්තාගේ බිරියගේ නැඟණිය එම නඩුවෙන් මුදාහරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා ඊයේ (26) නියෝග කළේය. සැකකාරිය වෙනුවෙන් පෙනී සිටිමින් කරුණු දැක්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ කරුණු දැක්වීමට මහේස්ත්‍රාත්වරයා මේ නියෝගය කළ අතර මේ සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි “බැකෝ සමන්Ó නමැත්තාගේ බිරියගේ ඥාති බාප්පා ලබන 6 දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මේ සැකකාරියට එරෙහිව සාක්ෂි අනාවරණය නොවූ බැවින් නඩුවෙන් මුදාහරින ලෙස වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේය. ඥාතී බාප්පා සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන කරන බවත් ඔහුගේ බැංකු ගිණුම් වාර්තා මෙතෙක් ලැබී නැති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේය.







