ඉරාන බලශක්ති පද්ධතියට එල්ල කරන ප්‍රහාර, අප්‍රේල් 06 දක්වා කල් දමනවා – ට්‍රම්ප්

මැදපෙරදිග පවතින යුද්ධය අවසන් කිරීම සඳහා කෙරෙන සාකච්ඡාවල ප්‍රගතියක් පවතින බව පවසමින්, ඉරානයේ විදුලිබල පද්ධතියට ප්‍රහාර එල්ල කිරීම සඳහා තමා විසින්ම පනවාගෙන තිබූ කාලසීමාව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අප්‍රේල් 06 වැනිදා දක්වා දීර්ඝ කර තිබෙනවා.

තෙල් ප්‍රවාහනය සඳහා ඉතා වැදගත් ජල මාර්ගයක් වන ‘හෝමුස් සමුද්‍ර සන්ධිය’ නැවත විවෘත කරන ලෙස ඉරානයට බලපෑම් කරන පසුබිමක, ජනාධිපතිවරයා සිය Truth Social සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කර තිබුණා.

ඉරාන රජයේ ඉල්ලීම පරිදි, බලශක්ති බලාගාර විනාශ කිරීමේ කාලසීමාව දින 10 කින්, එනම් 2026 අප්‍රේල් 6 වන සඳුදා රාත්‍රී 8.00 දක්වා තාවකාලිකව නතර කරන ලද බවත්, ව්‍යාජ පුවත් මාධ්‍ය සහ අනෙකුත් පාර්ශ්වයන් විසින් වැරදි ප්‍රකාශ පතුරුවා තිබුණ ද සාකච්ඡා අඛණ්ඩව සිදු වෙමින් පවතින බවත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වැඩිදුරටත් සඳහන් කරනවා.

 news images