රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මාධ්‍යෙව්දීන්ට පිළිතුරු දෙමින්. නි. අධිපති සී. අමරසේකර මහතා ද මෙහි වේ. ඡායාරූපය – සුදත් මලවීර
මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් මෙරට ආර්ථිකයට එල්ල විය හැකි කම්පනකාරි තත්ත්ව කළමනාකරණය කරගැනීමට අවශ්‍ය විදේශ සංචිත මේ වන විට ඉහළ මට්ටමක පවතින බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.
මේ තත්ත්වය මත මෙරට ආර්ථිකය සුරක්ෂිත බවත් අමෙරිකානු ඩොලර් බිලියන 7.3ක ඉහළ සංචිතයක් පවතින බවත් මහ බැංකු අධිපතිවරයා අවධාරණය කරයි. මෙය මෑත කාලය තුළ වාර්තාවූ ඉහළම විදේශ සංචිත ප්‍රමාණය බව ද ඔහු පෙන්වා දුන්නේය.
මහ බැංකු මූලස්ථානයේ ඊයේ (25) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් නැඟු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
පසුගිය කාලසීමාවේ මුහුණ දීමට සිදුවූ කොවිඩ් වසංගතය, දිට්වා සුළි කුණාටු සහ දැඩි ආර්ථික අර්බුදය වැනි අභියෝගාත්මක අවස්ථා හමුවේ ශ්‍රී ලාංකික ජනතාව පෙන්වූ ඔරොත්තු දීමේ හැකියාව පිළිබඳව ද මහ බැංකු අධිපතිවරයා මෙහිදී සිහිපත් කළේය. පවතින ගෝලීය තත්ත්වය හමුවේ වුව ද යම් යම් සංශෝධන සිදු කරමින් ආර්ථිකය ස්ථාවරව ඉදිරියට ගෙන යෑමේ හැකියාව පවතින බව තමා විශ්වාස කරන බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
ජයසිරි මුණසිංහ







