මැදපෙරදිග වර්ධනය වෙමින් පවතින යුදමය තත්ත්වය පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක හා ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි මහත්වරු පෙරේදා (24) සවස දුරකතන සංවාදයක නිරත වූහ. එහිදී ගෝලීය බලශක්ති සුරක්ෂිතතාවට එල්ල වන බාධා සම්බන්ධයෙන් විශේෂයෙන් සාකච්ඡා කර තිබේ. ලෝකයේ සියලු දෙනාගේ යහපත උදෙසා නාවික මාර්ග විවෘතව හා ආරක්ෂිතව පවත්වාගෙන යෑමේ වැදගත්කම පිළිබඳව ද මෙහිදී අවධානය යොමුකර ඇත.
ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර බලශක්ති සහයෝගිතාව ශක්තිමත් කිරීම හා කලාපීය ආරක්ෂාව වැඩිදියුණු කිරීම සඳහා ක්‍රියාත්මක වැඩසටහන් පිළිබඳ ප්‍රගතිය ද මෙහිදී සමාලෝචනය කළහ. සමීප සහ විශ්වාසවන්ත හවුල්කරුවන් වශයෙන් පොදු අභියෝගයන්ට මුහුණ දීමේදී දෙරටම එක්ව සමීපව කටයුතු කිරීමට ඇති කැපවීම ගැනද මෙහිදී අවධාරණය කර තිබේ.
උපාලි කරුණාරත්න







