IMF නියෝජිතයින් පිරිසක් අද ශ්‍රී ලංකාවට

ජාත්යන්තර මූල්ය අරමුදලේ (IMF) නියෝජිතයින් පිරිසක් EFF යටතේ පස්වන හා හයවන සමාලෝචන සම්පූර්ණ කිරීම සඳහා අද (26) මෙරටට පැමිණේ.

ඔවුන් අප්‍රේල් 9 වැනිදා දක්වා මෙරට රැඳී සිටිමින් ප්‍රතිපත්තිමය සාකච්ඡා හා ආර්ථික තත්ත්වය පිළිබඳ අගයන් යාවත්කාලීන කරනු ඇත.

ඔවුන්ගේ මෙම සංචාරයට අනුව IMF ශ්‍රී ලංකා ආර්ථිකය පිළිබඳ යාවත්කාලීන තක්සේරු කිරීමක් සිදු කර, අවශ්‍ය උපරිම සහයෝගය තීරනය කිරීමට සැලසුම් කරයි.

මෙම සංචාරය අතරතුර, මූල්‍ය අරමුදලේ නියෝජිතයන් මෙරට බලධාරීන් සමඟ ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳව මෙන්ම මැදපෙරදිග ගැටුම් හේතුවෙන් ශ්‍රී ලංකා ආර්ථිකයට එල්ල විය හැකි බලපෑම් පිළිබඳව ද සාකච්ඡා කිරීමට නියමිතව ඇත.

මෙම නියෝජිත පිරිසේ සංචාරයෙන් අනතුරුව ශ්‍රී ලංකාවට ලබා දිය හැකි උපරිම සහයෝගය කුමක්ද යන්න තීරණය කරන බවත් සදහන් වේ.