අනුර-මෝදි දුරකතන සංවාදයක

මැද­පෙ­ර­දිග වර්ධ­නය වෙමින් පව­තින යුද­මය තත්ත්වය පිළි­බ­ඳව ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක හා ඉන්දි­යානු අග­මැති නරේන්ද්‍ර මෝදි මහ­ත්වරු පෙරේදා (24) සවස දුර­ක­තන සංවා­ද­යක නිරත වූහ. එහිදී ගෝලීය බල­ශක්ති සුර­ක්ෂි­ත­තා­වට එල්ල වන බාධා සම්බ­න්ධ­යෙන් විශේ­ෂ­යෙන් සාකච්ඡා කර තිබේ. ලෝකයේ සියලු දෙනාගේ යහ­පත උදෙසා නාවික මාර්ග විවෘ­තව හා ආර­ක්ෂි­තව පව­ත්වා­ගෙන යෑමේ වැද­ග­ත්කම පිළි­බ­ඳව ද මෙහිදී අව­ධා­නය යොමු­කර ඇත.

ඉන්දි­යාව හා ශ්‍රී ලංකාව අතර බල­ශක්ති සහ­යෝ­ගි­තාව ශක්ති­මත් කිරීම හා කලා­පීය ආර­ක්ෂාව වැඩි­දි­යුණු කිරීම සඳහා ක්‍රියා­ත්මක වැඩ­ස­ට­හන් පිළි­බඳ ප්‍රග­තිය ද මෙහිදී සමා­ලෝ­ච­නය කළහ. සමීප සහ විශ්වා­ස­වන්ත හවු­ල්ක­රු­වන් වශ­යෙන් පොදු අභි­යෝ­ග­යන්ට මුහුණ දීමේදී දෙර­ටම එක්ව සමී­පව කට­යුතු කිරී­මට ඇති කැප­වීම ගැනද මෙහිදී අව­ධා­ර­ණය කර තිබේ.

උපාලි කරු­ණා­රත්න