අදත් උණු­සුම් කාල­ගු­ණ­යක්

බස්නා­හිර, සබ­ර­ග­මුව, දකුණු සහ වයඹ පළා­ත්ව­ලත් අනු­රා­ධ­පුර, මන්නා­රම, වවු­නි­යාව දිස්ත්‍රි­ක්ක­ව­ලත් ඇතැම් ප්‍රදේ­ශ­වල අද(25) මිනිස් සිරු­රට දැනෙන උණු­සු­මක් පැවැ­තිය හැකි බව උණු­සුම් කාල­ගුණ තත්ත්වය පිළි­බඳ අව­වා­දා­ත්මක නිවේ­ද­න­යක් නිකුත් කර­මින් කාල­ගුණ විද්‍යා දෙපා­ර්ත­මේ­න්තුව සඳ­හන් කරයි. ඒ පිළි­බ­ඳව අව­ධා­නය යොමු කර­මින් සෞඛ්‍ය උප­දෙස් පිළි­ප­දින ලෙසද දෙපා­ර්ත­මේ­න්තුව ජන­තා­ව­ගෙන් ඉල්ලා සිටී. එමෙන්ම අද(25) බස්නා­හිර , සබ­ර­ග­මුව පළා­ත්ව­ලත්, ගාල්ල, මාතර දිස්ත්‍රි­ක්ක­ව­ලත් පස්වරු 2.00න් පමණ පසු ස්ථාන ස්වල්ප­යක වැසි හෝ ගිගු­රුම් සහිත වැසි ඇති­වන බවත් සෙසු ප්‍රදේ­ශ­වල ප්‍රධාන වශ­යෙන් වියළි කාල­ගු­ණික තත්ත්ව­යක් පව­තින බවත් කාල­ගුණ විද්‍යා දෙපා­ර්ත­මේ­න්තුව කියයි.

උපාලි කරු­ණා­රත්න