ඔන්ලයින් ජාවාරම්වල නිරත වූ විදේශිකයන් 17ක් අත්අඩංගුවට

ශ්‍රී ලංකාව තුළ රැඳී සිටිමින් ඔන්ලයින් ජාවාරම්වල නිරත වූ විදේශික‍ය ජාතිකයින් 17දෙනෙකු ඊයේ (24) රාත්‍රියේ (24) අත්අඩංගුවට ගෙන තිබේ.

බූස්ස යුද හමුදා බුද්ධි නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ගාල්ල පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් සමග සිදුකරන ලද ඒකාබද්ධ වැටලීමකදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.

පෝද්දල පොලිස් වසමේ ගොඩකන්ද ප්‍රදේශයේ විලා එකක් කුලී පදනම මත ගෙන අන්තර්ජාලය හරහා මුදල් ජාවාරම් සිදුකරගෙන යමින් සිටි චීන ජාතික හා වියට්නාම් ජාතිකයන් 17 දෙනෙකුගෙන් යුත් පිරිසක් මෙසේ අත්අඩංගුවටගෙන වැඩිදුර විමර්ශන සඳහා පෝද්දල ස්ථානයට භාර දී තිබේ.

මෙම අත්අඩංගුවට ගත් පිරිස අතර කාන්තාවන් 05ක් සහ පිරිමි පුද්ගලයින් 12 දෙනෙකු සිටින අතර ඔවුන් සන්තකයේ තිබූ ලැප්ටොප් පරිඝණක යන්ත්‍ර 04ක්, සහ ස්මාර්ට් ජංගම දුරකථන 84 ක්ද පොලිස් භාරයට ගෙන තිබෙන බව සඳහන් වේ.