බස් ගාස්තු සියයට 12.19 කින් ඉහළ දැමීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (23) රැස්වූ කැබිනට් මණ්ඩල හමුවේදී තීරණය කර තිබේ.
ඒ අනුව ඊයේ (23) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු ඉහළ නැංවෙන අතර දැනට පවතින රුපියල් 27 අවම ගාස්තු රුපියල් 30ක් දක්වා ඉහළ යන බව කැබිනට් ප්‍රකාශක, ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේය.
අවසන් ගාස්තුව ලෙස පවතින රුපියල් 2159ක ගාස්තුව රුපියල් 2422 දක්වා රුපියල් 263 කින් මේ අනුව ඉහළ යනු ඇත.
මගීන්ගෙන් නියමිත බස් ගාස්තුව පමණක් අයකරන ලෙස ශ්‍රී ලංගම සහ පෞද්ගලික බස්රථ ධාවකයන් වෙත දැනුම් දෙන අතර, නියමිත ගාස්තුවට වඩා වැඩියෙන් බස් ගාස්තු අයකරන අයවළුන් සම්බන්ධයෙන් නීත්‍යනුකූල ක්‍රියාමාර්ග ගන්නා බවද ජාතික ගමනාගමන කොමිෂන් සභාව දැනුම් දෙයි.
නියමිත බස් ගාස්තුවට වඩා වැඩියෙන් බස් ගාස්තු අය කළහොත් ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ 1955 ක්ෂණික දුරකථන අංකයට හෝ 0712595555 යන වට්ස්ඇප් අංකයට පැමිණිලි ඉදිරිපත් කරන ලෙස ද ගමනාගමන කොමිෂන් සභාව ජනතාවගෙන් ඉල්ලා සිටී.
රක්ෂණ ශ්‍රියන්ත







