බල­ශක්ති සුර­ක්ෂි­ත­තාව පව­ත්වා­ගෙන යන්න ගත හැකි සියලු ක්‍රියා­මාර්ග ගන්න

ජන­තා­ව­ගේද දාය­ක­ත්වය ලබා­ග­නි­මින් බල­ශක්ති සුර­ක්ෂි­ත­තාව පව­ත්වා­ගෙන යාම වෙනු­වෙන් ගත හැකි සියලු ක්‍රියා­මාර්ග ගන්නැයි ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා නිල­ධා­රීන්ට ඊයේ (23) උප­දෙස් දුන්නේය. මෙරට දෛනික බල­ශක්ති පරි­භෝ­ජ­නය වැඩිම කාල­ප­රා­සය වන පස්වරු 6.00 සිට 10.00 දක්වා කාලය තුළ බල­ශ­ක්තිය මනා කළ­ම­නා­ක­ර­ණ­ය­කින් යුතුව භාවි­තය පිළි­බඳ ජන­තාව දැනු­වත් කර­මින්, ඔවු­න්ගේද දාය­ක­ත්වය ඇතිව මේ ක්‍රියා­මාර්ග ගන්නැ­යිද ජනා­ධි­ප­ති­ව­රයා කීවේය.

ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා මේ බව සඳ­හන් කළේ, බල­ශක්ති සුර­ක්ෂි­ත­තාව පව­ත්වා­ගෙන යාම වෙනු­වෙන් තව­දු­ර­ටත් ගත හැකි ක්‍රියා­මාර්ග පිළි­බඳ සොයා­බැ­ලී­මට ජනා­ධි­පති කාර්යා­ලයේ පැවති සාක­ච්ඡා­වට ඊයේ (23) පෙර­ව­රුවේ එක්වෙ­මිනි.

මැද­පෙ­ර­දිග යුද තත්ත්වය හේතු­වෙන් ලෝකයේ සෑම රටක්ම මුහු­ණදී ඇති බල­ශක්ති සැප­යුම අඛ­ණ්ඩව පවත්වා ගෙන යෑමේ අභි­යෝ­ගය හමුවේ බල­ශ­ක්තිය මනා කළ­ම­නා­ක­ර­ණ­ය­කින් යුතුව භාවිත කර­මින් රට හමුවේ ඇති අභි­යෝ­ගය ජය ගැනී­මට උප­රිම දාය­ක­ත්වය ලබා­දීම ආය­ත­නික සහ පුද්ග­ල­යන් වශ­යෙන්ද මේ වන විට සියලු දෙනා වෙත පැවරී ඇති වග­කීම බව ජනා­ධි­ප­ති­ව­රයා පෙන්වා දුන්නේය.

පසු­ගිය සති කිහි­පය තුළ බල­ශ­ක්තිය කළ­ම­නා­ක­ර­ණය පිළි­බඳ රජය විසින් ගනු ලැබූ ක්‍රියා­මාර්ග තව­දු­ර­ටත් ප්‍රායෝ­ගික තල­යට ගෙන එමින් විශේ­ෂ­යෙන් රාජ්‍ය සේවා­වට ලබා දිය යුතු මාර්ගෝ­ප­දේශ පිළි­බඳ මෙහිදී අව­ධා­නය යොමු විය. එමෙන්ම, පළාත් පාලන ආය­තන මට්ට­මින් බල­ශක්ති පරි­භෝ­ජ­නය විධි­මත් කළ­ම­නා­ක­ර­ණ­ය­කට ලක්කි­රී­මට ගත හැකි ක්‍රියා­මාර්ග පිළි­බඳ එම ආය­තන සමඟ සාකච්ඡා කරන ලෙසද ජනා­ධි­ප­ති­ව­රයා උප­දෙස් දුන්නේය.

ප්‍රචා­රණ කට­යුතු සඳහා භාවි­ත­යට ගන්නා දැන්වීම් පුවරු සහ අනෙ­කුත් අලං­ක­රණ විදුලි පද්ධති සඳහා විදු­ලිය විශාල වශ­යෙන් වැය වේ. එය සීමා කිරී­මෙන් රටේ විදුලි පරි­භෝ­ජ­න­යෙන් සැල­කිය යුතු ප්‍රමා­ණ­යක් ඉතිරි කර­ගැ­නී­මට හැකි­යාව ලැබෙන බවද මෙහිදී සඳ­හන් කෙරිණි. නාග­රික වශ­යෙන් පව­තින අත්‍ය­වශ්‍ය නොවන වීදි ලාම්පු භාවි­තය අවම කර­ගැ­නීම සහ බල­ශ­ක්තිය කළ­ම­ණා­ක­ර­ණය වෙනු­වෙන් ප්‍රවා­හන හා මහා­මාර්ග අමා­ත්‍යාං­ශය විසින් ඉදි­රි­පත් කරන ලද යෝජ­නාද මෙහිදී සාක­ච්ඡා­වට බඳුන් කෙරිණි.

ඊට අදා­ළව අනු­ග­ම­නය කළ හැකි විකල්ප ක්‍රම­වේ­ද­යක් පිළි­බඳ අදාළ සියලු පාර්ශ්ව එක්ව සාකච්ඡා කර කඩි­නම් ක්‍රියා­මා­ර්ග­ය­කට එළැ­ඹීමේ අව­ශ්‍ය­තාව ජනා­ධි­ප­ති­ව­රයා මෙහිදී වැඩි­දු­ර­ටත් පෙන්වා දුන්නේය.

රාජ්‍ය පරි­පා­ලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය චන්දන අබේ­රත්න, ප්‍රවා­හන, මහා­මාර්ග හා නාග­රික සංව­ර්ධන අමාත්‍ය බිමල් රත්නා­යක, බල­ශක්ති අමාත්‍ය කුමාර ජය­කොඩි, ජනා­ධි­පති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමා­නා­යක, රාජ්‍ය පරි­පා­ලන, පළාත් සභා හා පළාත් පාලන අමා­ත්‍යාං­ශයේ ලේකම් ආලෝක බණ්ඩාර, ප්‍රවා­හන අමා­ත්‍යාං­ශයේ ලේකම් ජ්‍යෙෂ්ඨ මහා­චාර්ය කපිල සී.කේ. පෙරේරා, ජනා­ධි­පති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍ර­කීර්ති, මාර්ග සංව­ර්ධන අධි­කා­රියේ සභා­පති ටී. පාස්ක­රන්, පොලි­ස්පති ප්‍රියන්ත වීර­සූ­රිය මහ­ත්වරු සහ රාජ්‍ය නිල­ධා­රීහු පිරි­සක් මෙම සාක­ච්ඡා­වට එක්ව සිටි­යහ.

උපාලි කරු­ණා­රත්න