බවුසර් රථ මගින් ගෙනැවින් මහා පරිමාණයෙන් ඉන්ධන තොග රැස් කරමින් සිටි ව්‍යාපාරිකයෙකු වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ලද තොරතුරක් මත එම බලකායේ අධ්‍යක්ෂක සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතා විසින් සකස් කරන ලද සැලසුමක් අනුව සිදුකළ විමර්ශනයක් අනුව සැකකරු අද (24) දින අත්අඩංගුවට ගෙන ඇත.
මෙහිදී සැකකරු සතුව තිබූ ඩීසල් ලීටර් 6,752ක් සහ පෙට්‍රල් ලීටර් 120ක් නිලධාරීන් භාරයටද ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ “බෝ කොල්ලා” නැමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබන 46 හැවිරිදි ව්‍යාපාරිකයෙකි.
පානදුර නල්ලූරුව පිහිටි ඉන්ධන හලෙන් බවුසර් රථයකට ඩීසල් පුරවාගෙන ගොස් සිය නිවසේ ගබඩා කිරීමට කටයුතු කරමින් සිටි අවස්ථාවේදී සැකකරු අදාළ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
නිලධාරීන් භාරයට ගන්නා ලද මෙම බවුසරයේ කුටීර 04ක් තිබූ අතර එක් කුටීරයකට ඩීසල් ලීටර් 3,300 බැගින් කුටීර 02ක් තුළ ගබඩා කර තිබූ ඩීසල් ලීටර් 6,600ක්ද, සැකකරු නිවසේ සඟවා තිබියදී සොයාගන්නා ලද බැරල් 02ක් තුළ ඩීසල් ලීටර් 152ක් සහ පෙට්‍රල් ලීටර් 120ක්ද මෙහිදි නිලධාරීන් භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු මොරගහහේන පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇති ඇති අතර සිද්ධිය සම්බන්ධව වැඩිදුර විමර්ශන මොරගහහේන පොලීසිය විසින් සිදුකරති.
වලාන මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක බලකායේ අධ්යක්ෂ, සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල මහතාගේ නියෝග පරිදි ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහගේ මෙහෙයවීමෙන් ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශ්ශංක, ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් මෙම වැටලීම සිදුකෙරෙිණි.







