ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා සහ ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා අතර සාකච්ඡාවක් පැවැත් වූ බව අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් සිය නිල X ගිණුමෙහි සටහනක් තබා ඇත.
මෙම සාකච්ඡාවේදී මැදපෙරදිග හෙවත් බටහිර ආසියානු ගැටුමේ ප්‍රතිවිපාක පිළිබඳව විශේෂ අවධානය යොමු කර ඇත.
මෙහි වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ඉන්දියාව සිය “Neighborhood First” ප්‍රතිපත්තියට අනුකූලව අසල්වැසි රටවල් සමඟ සබඳතා ශක්තිමත් කිරීමේ කැපවීම නැවත අවධාරණය කර ඇති අතර, “Vision MAHASAGAR” යටතේ සමුද්‍රීය සහ කලාපීය සහයෝගීතාවය වර්ධනය කිරීමටද අවධානය යොමු කර තිබේ යන්නයි.







