බස් ගාස්තු 12.19%කින් වැඩි කරයි

බස් ගාස්තු සිය­යට 12.19 කින් ඉහළ දැමී­මට ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් ඊයේ (23) රැස්වූ කැබි­නට් මණ්ඩල හමු­වේදී තීර­ණය කර තිබේ.

ඒ අනුව ඊයේ (23) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු ඉහළ නැංවෙන අතර දැනට පව­තින රුපි­යල් 27 අවම ගාස්තු රුපි­යල් 30ක් දක්වා ඉහළ යන බව කැබි­නට් ප්‍රකා­ශක, ඇමැති වෛද්‍ය නලින්ද ජය­තිස්ස මහතා පැව­සු­වේය.

අව­සන් ගාස්තුව ලෙස පව­තින රුපි­යල් 2159ක ගාස්තුව රුපි­යල් 2422 දක්වා රුපි­යල් 263 කින් මේ අනුව ඉහළ යනු ඇත.

මගී­න්ගෙන් නිය­මිත බස් ගාස්තුව පම­ණක් අය­ක­රන ලෙස ශ්‍රී ලංගම සහ පෞද්ග­ලික බස්රථ ධාව­ක­යන් වෙත දැනුම් දෙන අතර, නිය­මිත ගාස්තු­වට වඩා වැඩි­යෙන් බස් ගාස්තු අය­ක­රන අය­ව­ළුන් සම්බ­න්ධ­යෙන් නීත්‍ය­නු­කූල ක්‍රියා­මාර්ග ගන්නා බවද ජාතික ගම­නා­ග­මන කොමි­ෂන් සභාව දැනුම් දෙයි.

නිය­මිත බස් ගාස්තු­වට වඩා වැඩි­යෙන් බස් ගාස්තු අය කළ­හොත් ජාතික ගම­නා­ග­මන කොමි­ෂන් සභාවේ 1955 ක්ෂණික දුර­ක­ථන අංක­යට හෝ 0712595555 යන වට්ස්ඇප් අංක­යට පැමි­ණිලි ඉදි­රි­පත් කරන ලෙස ද ගම­නා­ග­මන කොමි­ෂන් සභාව ජන­තා­ව­ගෙන් ඉල්ලා සිටී.

රක්ෂණ ශ්‍රියන්ත