​නිදහස් දේශයක පරගැති වහලුන් නොවෙමු!

​දශක හතකට අධික කාලයක් අපි “නිදහස” සැමරුවෙමු. නමුත් අද අප ඇත්තටම නිදහස්ද?
අපේ බත් පත, බෙහෙත් පෙත්ත, දරුවාගේ පොතේ සිට අපේ බලශක්තිය සහ සාරධර්ම දක්වාත් තීරණය වන්නේ විදේශීය බලපෑම් සහ පරගැති පාලකයන්ගේ අත්තනෝමතික තීන්දු මත නම්, අපේ රාජ්‍ය ස්වාධිපත්‍යය කොහේද?
​අපි තවමත් රැවටෙනවාද?
​බලය ලබාගැනීමට මාන බලන පක්ෂ නායකයින් සහ පාලකයින් වරින් වර අපට සුන්දර සිහින පෙන්වූහ. “වෙනසක්” පතා අප හැමදාමත් කළේ එකම මුහුණු වෙනුවට තවත් මුහුණක් තෝරා ගැනීම පමණි.
​ඔවුන් අපේ සම්පත් විකුණා දැමූහ.
​අපේ ආර්ථිකය ණය උගුලක හිර කළහ.
​අපේ අභිමානය සහ දේශීය චින්තනය පරගැති මානසිකත්වයකට යටත් කළහ.

​අද අප නිහඬව සිටියහොත්, හෙට උපදින දරුවා අපෙන් මෙසේ අසනු ඇත,
​”අපේ රටේ අනාගතය පරගැතියන්ට උගස් කර, අපව වහලුන් කර තොපේ පරපුර නිහඬව සිටියේ ඇයි? අපට උරුමයක් නැති කළේ ඇයි?”
​ඔවුන් අපට ශාප කිරීමට පෙර, අපේ යුතුකම ඉටු කරමු.

​ආහාර ස්වාධිපත්‍යය: අපේ පොළොවේ අස්වැන්නෙන් අපේ කුස පුරවමු.

​බලශක්ති ස්වාධිපත්‍යය: ස්වභාවික සම්පත් සුරකිමින් රට ආලෝකමත් කරමු.

​අධ්‍යාපන හා සෞඛ්‍ය ස්වාධිපත්‍යය: මානව අයිතීන් වෙළඳ භාණ්ඩ වීමට ඉඩ නොදෙමු.

​සංස්කෘතික ස්වාධිපත්‍යය: අපේ අභිමානවත් ඉතිහාසය, සාරධර්ම සහ දේශීය අනන්‍යතාවය පරගැති චින්තනයෙන් යටපත් කරමින් පවතී. ජාතියක ආත්මය බඳු සංස්කෘතිය විදේශීය බලපෑම් හමුවේ දියවී යාමට ඉඩ නොදී අපේ උරුමය සුරකිමු.

​දැන්වත් නැගී සිටිමු!
​පක්ෂ පාට භේද පසෙකලා, මතු පරපුර වෙනුවෙන් කැපවෙමු. අපේ අභිමානවත් ස්වාධීනත්වය යළි තහවුරු කර ගනිමු. පරගැති මානසිකත්වයෙන් මිදී, සැබෑ නිදහස් දේශයක් ගොඩනැගීමට අත්වැල් බැඳගනිමු!
​රට වෙනුවෙන් – මතු පරපුර වෙනුවෙන් – අපේ යුතුකම ඉටු කරමු!

ලහිරු වසන්ත
නායක
ගැමුණු පරපුර ජනතා ව්‍යාපාරය