කොහුවල පොලිස් වසමේ කළුබෝවිල ප්‍රදේශයේ නිවසක කාමරයක් තුළ විදෙස් ජාතික කාන්තාවක් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙයි.
ඝාතනය වී ඇත්තේ වයස අවුරුදු 26ක් වූ චීන ජාතික කාන්තාවකි.
මියගිය කාන්තාව කොහුවල, කළුබෝවිල ප්‍රදේශයේ නිවසක පදිංචිව සිට ඇති බවත්, ඇයගේ චීන ජාතික පෙර පෙම්වතා විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවත් මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙයි.
සැකකරු අත්අඩංගුවට ගැනිම සඳහා කොහුවල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.







